සිංහ ලේ 7.8.2024

මට ලියන්න ආසය් නිසදැසක් මගේම භාශාවෙන් 

සිංහලෙන් 

සිංහ ලේ වලින්

මගේම ඇඟේ නහර වල දුවන
කිලුටු කුණු වැටුනු සිංහ කැලෑ වැදුනු තනි සතාගේ ලේ වලින්

සිංහලෙන් 

සිංහ ලේ වලින්

මටත් රිද්දලා අනුන්ටත් රිද්දලා 
වචන මූලා ගහලා

පච විතරක් ඉතිහාසේ පුරාවට ලියපු කියපු සුද්ධ සිංහලෙන් 

ඒ කුනුගොඩ ළඟ ඉහිරුනු ශුද්ධ සිංහලෙන්!

BS


Comments